නික්ම ගිය ගීත කෝකිලාවියගේ 83 වන ජන්ම දිනය අදට යෙදෙයි.. අදත් ජාතික ශෝක දිනයක්..
Sunday, 23 August 2026 - 15:56 | Views - 40
ශ්‍රී ලාංකේය සංගීතයේ රම්‍ය සඳ කිරණ වූ ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් අද දිනය ද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගියදා නාවල පිහිටි සිය නිවසේදී දිවි සැරිය නිමා කරන විට 82 වැනි වියේ පසුවූ ඇගේ 83 වැනි උපන්දිනය අදට යෙදී තිබීම විශේෂත්වයක්.

සමකළ නොහැකි මධුර හඬින් රසික සිත් සනසමින් ජීවන යථාර්ථය ගීතයට මුසු කළ ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, ඇගේ අවසන් කැමැත්තට ගෞරව කරමින් ඉතා චාම් අයුරින් බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ සෝ සුසුම් මධ්‍යයේයි.

ජාතියේ යශෝරාවය ලෙස කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයන් මෙන්ම අතිවිශාල රසික පිරිසක් පැමිණ සිටියා.

ගීතය යනු හුදු විනෝදාස්වාදයට එහා ගිය සමාජ ප්‍රබෝධයේ සහ මානව හැඟීම්වල ප්‍රබල ප්‍රකාශනයක් බව සිය නිර්මාණ හරහා සාක්ෂාත් කළ ඇය, ලක්මවට සමු දී නික්ම ගියද ඇගේ අසමසම ගී හඬ මෙරට ජන හදගැස්ම සමඟ මුසු වෙමින් සදාකාලිකව නිම්නාද වනු ඇති.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top