ලෝක රොබෝ සම්මේලනය හොල්ලන චීන රොබෝ මත්ස්‍යයා.. මිනිසාට යා නොහැකි ජලජ සීමා සොයා යන හැටි මෙන්න.
Saturday, 22 August 2026 - 15:17 | Views - 34
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක් මේ වන විට කාගේත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
සැබෑ මත්ස්‍යයකුගේ රූපයට හා පිහිනුම් රටාවට බෙහෙවින් සමාන ලෙස නිර්මාණය කර ඇති මෙම රොබෝ මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වනවා.
එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පැය පහකට අධික කාලයක් අඛණ්ඩව ජලය යට ක්‍රියාත්මක වීමේ හැකියාව සතු වීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම රොබෝ මත්ස්‍යයාගේ සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි මුඛය තුළ කාවද්දා ඇති අධෝරක්ත හඳුනාගැනීමේ (Infrared Detection) මොඩියුලයයි.
මෙම තාක්ෂණය මඟින් ජලය යට ගමන් කරන විට හමු වන ජලජ පැළෑටි, ගල් සහ වෙනත් බාධක පහසුවෙන් හඳුනාගෙන ඒවා මඟහැර යෑමට රොබෝ මත්ස්‍යයාට හැකි වුණා.
විශේෂයෙන්ම විශාල පරීක්ෂණ උපකරණවලට ගමන් කිරීමට නොහැකි තරම් පටු හා සංකීර්ණ ජලජ ප්‍රදේශවලට ඉතා සුමට ලෙස ඇතුළු වී, මිනිසුන් වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෙම සංයුක්ත තාක්ෂණික නිර්මාණයට ඇති හැකියාව සුවිශේෂී මෙහෙයුම් රැසකට මඟ පෑදුණා.
Share This Article