ලෝක රොබෝ සම්මේලනය හොල්ලන චීන රොබෝ මත්ස්‍යයා.. මිනිසාට යා නොහැකි ජලජ සීමා සොයා යන හැටි මෙන්න.
Saturday, 22 August 2026 - 15:17 | Views - 133
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක් මේ වන විට කාගේත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

සැබෑ මත්ස්‍යයකුගේ රූපයට හා පිහිනුම් රටාවට බෙහෙවින් සමාන ලෙස නිර්මාණය කර ඇති මෙම රොබෝ මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වනවා.

එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පැය පහකට අධික කාලයක් අඛණ්ඩව ජලය යට ක්‍රියාත්මක වීමේ හැකියාව සතු වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම රොබෝ මත්ස්‍යයාගේ සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි මුඛය තුළ කාවද්දා ඇති අධෝරක්ත හඳුනාගැනීමේ (Infrared Detection) මොඩියුලයයි.

මෙම තාක්ෂණය මඟින් ජලය යට ගමන් කරන විට හමු වන ජලජ පැළෑටි, ගල් සහ වෙනත් බාධක පහසුවෙන් හඳුනාගෙන ඒවා මඟහැර යෑමට රොබෝ මත්ස්‍යයාට හැකි වුණා.

විශේෂයෙන්ම විශාල පරීක්ෂණ උපකරණවලට ගමන් කිරීමට නොහැකි තරම් පටු හා සංකීර්ණ ජලජ ප්‍රදේශවලට ඉතා සුමට ලෙස ඇතුළු වී, මිනිසුන් වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෙම සංයුක්ත තාක්ෂණික නිර්මාණයට ඇති හැකියාව සුවිශේෂී මෙහෙයුම් රැසකට මඟ පෑදුණා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top