ලෝක රොබෝ සම්මේලනය හොල්ලන චීන රොබෝ මත්ස්‍යයා.. මිනිසාට යා නොහැකි ජලජ සීමා සොයා යන හැටි මෙන්න.
Saturday, 22 August 2026 - 15:17 | Views - 36
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක් මේ වන විට කාගේත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

සැබෑ මත්ස්‍යයකුගේ රූපයට හා පිහිනුම් රටාවට බෙහෙවින් සමාන ලෙස නිර්මාණය කර ඇති මෙම රොබෝ මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වනවා.

එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පැය පහකට අධික කාලයක් අඛණ්ඩව ජලය යට ක්‍රියාත්මක වීමේ හැකියාව සතු වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම රොබෝ මත්ස්‍යයාගේ සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි මුඛය තුළ කාවද්දා ඇති අධෝරක්ත හඳුනාගැනීමේ (Infrared Detection) මොඩියුලයයි.

මෙම තාක්ෂණය මඟින් ජලය යට ගමන් කරන විට හමු වන ජලජ පැළෑටි, ගල් සහ වෙනත් බාධක පහසුවෙන් හඳුනාගෙන ඒවා මඟහැර යෑමට රොබෝ මත්ස්‍යයාට හැකි වුණා.

විශේෂයෙන්ම විශාල පරීක්ෂණ උපකරණවලට ගමන් කිරීමට නොහැකි තරම් පටු හා සංකීර්ණ ජලජ ප්‍රදේශවලට ඉතා සුමට ලෙස ඇතුළු වී, මිනිසුන් වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෙම සංයුක්ත තාක්ෂණික නිර්මාණයට ඇති හැකියාව සුවිශේෂී මෙහෙයුම් රැසකට මඟ පෑදුණා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top