මලක් පරව ගියද සුවඳ මැකී නොයයි.. පරිසර අමාත්‍යාංශය නන්දා මාලනියගේ නාමය සොබාදම් මාතාවට මුසු කරයි..
දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගැඹුරු, සවිමත් මෙන්ම මධුර හඬකින් මුළු මහත් දැයක් අවදි කළ ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය විශේෂ සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.
ඒ, 2004 වසරේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය (Orchid Circle) විසින් ඇයට උපහාරයක් ලෙස ප්‍රදානය කළ, 'නන්දා මාලනී ඇස්කොසන්ඩා' (Ascocenda Nanda Malani) නමින් නම් කරන ලද දෙමුහුන් උඩවැඩියා මල සිහිපත් කළා.
ඇගේ නාමය සොබාදහමේ රමණීයත්වයට ද මුසු වී තිබීම සුවිශේෂී සිදුවීමක් වන අතර, එම උඩවැඩියා මල ඇගේ නාමය සොබාදම් මාතාවගේ තුරුලේ අමරණීය කළ ප්‍රබල සංකේතයක් ලෙස සැලකෙනවා.
ගී හඬක් නිහඬ විය හැකි නමුත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැකි බවත්, මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයන බවත් අමාත්‍යාංශය තැබූ අදාළ සටහනේ සඳහන් වුණා.
අප්‍රමාණ කලා සේවයක් සිදු කරමින් කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනියගේ ගීතාවලිය දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වන බව පෙන්වා දෙන පරිසර අමාත්‍යාංශය, ඇය අපෙන් සමුගත්තද ඇගේ ගී හඬ දැයේ හදවත් තුළ සදා දෝංකාර දෙමින් ඇගේ නාමය සොබා තුරුලේ සදා මල්වර වනු ඇති බව වැඩිදුරටත් කියා සිටියා.දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගැඹුරු, සවිමත් මෙන්ම මධුර හඬකින් මුළු මහත් දැයක් අවදි කළ ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය විශේෂ සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.
ඒ, 2004 වසරේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය (Orchid Circle) විසින් ඇයට උපහාරයක් ලෙස ප්‍රදානය කළ, 'නන්දා මාලනී ඇස්කොසන්ඩා' (Ascocenda Nanda Malani) නමින් නම් කරන ලද දෙමුහුන් උඩවැඩියා මල සිහිපත් කළා.
ඇගේ නාමය සොබාදහමේ රමණීයත්වයට ද මුසු වී තිබීම සුවිශේෂී සිදුවීමක් වන අතර, එම උඩවැඩියා මල ඇගේ නාමය සොබාදම් මාතාවගේ තුරුලේ අමරණීය කළ ප්‍රබල සංකේතයක් ලෙස සැලකෙනවා.
ගී හඬක් නිහඬ විය හැකි නමුත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැකි බවත්, මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයන බවත් අමාත්‍යාංශය තැබූ අදාළ සටහනේ සඳහන් වුණා.
අප්‍රමාණ කලා සේවයක් සිදු කරමින් කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනියගේ ගීතාවලිය දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වන බව පෙන්වා දෙන පරිසර අමාත්‍යාංශය, ඇය අපෙන් සමුගත්තද ඇගේ ගී හඬ දැයේ හදවත් තුළ සදා දෝංකාර දෙමින් ඇගේ නාමය සොබා තුරුලේ සදා මල්වර වනු ඇති බව වැඩිදුරටත් කියා සිටියා.