ඉඟුරු අල කුණුවීමේ රෝගය පැතිර යාමේ අවදානමක්.. රෝගී වූ පඳුරු වහාම පුළුස්සා විනාශ කරන්නැයි උපදෙස්..
Friday, 21 August 2026 - 17:04 | Views - 28
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඉඟුරු අල කුණුවීමේ රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගාකරුවන්ට දැනුම් දෙනවා.
මේ වන විට ප්‍රධාන වාණිජ භෝගයක් වන ඉඟුරු, කුරුණෑගල, මහනුවර, මාතලේ සහ අම්පාර ඇතුළු ප්‍රදේශ ගණනාවක හෙක්ටයාර 2000කට අධික ප්‍රමාණයක වගා කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ කියා සිටියා.
අධික වර්ෂාව සහ අධික තෙතමනය සහිත කාලගුණය නිසා මෙම රෝගකාරකයන් වගාබිම් පුරා වේගයෙන් පැතිර යාමේ හැකියාව වැඩි බව පෙන්වා දෙන දෙපාර්තමේන්තුව, යම් හෙයකින් දැනටමත් තම වගාවන්ට මෙම රෝගය වැළඳී ඇත්නම් එම රෝගී පඳුරු වහාම ගලවා පුළුස්සා විනාශ කිරීමට පියවර ගන්නා ලෙස වගාකරුවන්ට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
Share This Article