ජනතා මුදල් කෝටි ගණනක් වංචා කළ MTFE පිරමීඩ ජාවාරමේ අධ්‍යක්ෂකවරයා ලබන 03 වනදා තෙක් රිමාන්ඩ්..
Friday, 21 August 2026 - 11:37 | Views - 47
එම්. ටි.එෆ්.ඊ නමින් පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩ සමාගමක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් ජනතා මුදල් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවර්ධන යන සැකකරු ලබන 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග (20) කළා.

සැකකරු විමර්ශනවලට සහය නොදක්වමින් වසර තුනක් තිස්සේ සැඟව සිටීම යන කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවලට සහය දැක්වීම පිළිබඳව සැකයක් ඇතිවන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන බව පැවසුවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු අදාළ පිරමීඩ ජාවාරම සිදු කරමින් අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කරුණු දැක්වුවා.

" ස්වාමීනි ,සැකකරුගේ බිරිඳ කෞශල්‍යා නමින් රන් බිස්කට් විශාල ලෙස මිලදී ගැනීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙනවා. ඊට අමතරව කොමර්ෂල් බැංකුවේ රුපියල් කෝටි 19ක ගිණුමක් ඇති බවට හා වෙනත් අයගේ නම් වලින් වාහන මිලදීගෙන ඇති බවට කරුණු අනාවරණය වෙනවා. මොහු වෙනත් අයකුගේ නමින් බැංකු ගිණුමක් විවෘත කරමින් අදාළ ගිණුම පාවිච්චි කරන බවට හා බයිනෑන්ස් ගිණුම් වල මුදල් ආයෝජනය කළ බවට ද තොරතුරු අනාවරණය වෙනවා. මෙලෙස අයතා ලෙස මුදල් ඉපයීම හා පාර්ශව ගණනක් ඊට සම්බන්ධ කර ගනිමින් ඒවා එක්රැස් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා. එබැවින් විමර්ශනයන්ට සහය නොදැක්වූ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. සැකකරු විසින් මෙම මුදල් 2018- 2023 වල වර්ෂ වල රැස්කර ඇති බවට පැහැදිලි වෙනවා."

සැකකරු වෙනුවෙන් අධිකරණය කරුණු දැක්වූ නීතීඥ රුවන් ජයවර්ධන කියා සිටියේ සැකකරු කිසිදු ව්‍යාජ පිරමීඩ ආයතනයක කටයුතු කර නොමැති බවය. ඕනෑම අයෙකුට අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කිරීමට මට හැකි බවත් , ඊට සහාය දැක්වීම සැකකරු විසින් සිදු කර ඇති බවත් පැවසුවා.

2023 වර්ෂයේදී මහා බැංකුව විසින් අදාළ සමාගම තහනම් සමාගමක් ලෙසට නම් කිරීමෙන් පසුව ඒවායේ මුදල් ආයෝජනය නොකර නොමැති බවද පැවසූවා.

මෙහිදී සැකකරුගේ නීතිඥවරයාට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු විමර්ශනයක් සිදුවන බවට දැන දැනම විමර්ශනවලට සහය නොදැක්වූයේ කුමක් නිසාදැයි විමසා සිටියා.

නිසි කැඳවීමක් රහස් පොලිසිය මගින් සිදු කර නොමැති බව නීතිඥවරයා පැවසුවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ බැංකු ගිණුම් හා දුරකථන විස්තර වාර්තා කැඳවීමට පොලිසියට නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top