පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්.. තවත් ප්‍රදේශ රැසකට තද සුළං.. අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න.
Friday, 21 August 2026 - 9:07 | Views - 31
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
එමෙන්ම වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
විශේෂයෙන්ම අම්පාර, මොණරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං තත්ත්වයක් හමා යා හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article