ළා දළු බෝපත් සෙමින් සැළෙද්දී නිවී ගිය පහන.. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ..
Friday, 21 August 2026 - 8:23 | Views - 46
අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් දෙහිවල - සරණංකර ක්‍රීඩංගණයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

සම්බුද්ධ ශාසනයට, බෞද්ධ සාහිත්‍යයට මෙන්ම දේශීය සුගම ගීත කලාවට අනුපමේය හා විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (20) දිනයේදීත් මහ සංඝරත්නය, දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල සැදැහැතුන් පිරිසක් විහාරස්ථානය වෙත පැමිණ සිටියා.

අද පස්වරුවේ සංඝපීතෘන් වහන්සේලාගේ සහ ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව, උන්වහන්සේගේ ශ්‍රී දේහය අද පස්වරුවේ දෙහිවල සරණංකර ක්‍රීඩංගණය වෙත වැඩම කරවා ආදාහන පූජෝත්සවය සිදුකිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top