5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට.. මාසයක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම්..
Thursday, 20 August 2026 - 17:23 | Views - 43
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
අද ආරම්භ කෙරුණු මෙම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 25 වැනිදා දක්වා අඛණ්ඩව සිදුකිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළා.
පසුගිය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පවත්වා අවසන් කෙරුණා.
අදාළ ඇගයීම් කටයුතු ලබන 25 වනදායින් පසුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඉදිරි මාසයක කාලය ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් තහවුරු කළා.
Share This Article