සංවේදී පද රචනයෙන් හදවත් නිවූ යතිවරයාණන්ගේ නික්මයෑම.. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙටයි..
Thursday, 20 August 2026 - 15:11 | Views - 30
අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට දෙහිවල සරණංකර ක්‍රීඩංගණයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ පස්වරුවේ වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයට වැඩම කරවූ අතර, සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ සාහිත්‍යයටත් විශිෂ්ට මෙහෙවරක් කළ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා.

දීර්ඝ කාලයක් පුරා පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඉකුත් (18) අපවත් වන විට 76 වන වියෙහි පසුවුණා.

1950 මැයි 22 වැනිදා දෙනියාය, රඹුකන ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේ, මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා.

ගුණදාස කපුගේ ශූරීන් ගැයූ 'පිහිටක් නැති - සරණක් නැති', වික්ටර් රත්නායකයන් ගැයූ 'බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති', විශාරද මාලිනි බුලත්සිංහලයන්ගේ 'බුදු බණ ඇසුවා' මෙන්ම කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන 'ළා දළු බෝපත්' වැනි අමරණීය ගීත රැසක් උන්වහන්සේගේ පන්හිඳෙන් ජාතියට දායාද වුණා. තවද 'පන්සලේ - පල්ලියේ', 'මේ ඉර හඳ යට' වැනි මානව දයාව තේමා කරගත් ගීත රැසක් ද උන්වහන්සේ නිර්මාණය කළා.

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව පතන්නෙමු!
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top