දෙල්ගොඩදී සිදුවූ ඛේදනීය රිය අනතුරක්.. කුඩා දැරියක ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වෙයි..
Thursday, 20 August 2026 - 14:49 | Views - 29
මීගහවත්ත, නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අතිශය ඛේදනීය රිය අනතුරක් සිදුවී තිබෙනවා.

ඊයේ (19) සිදුවූ මෙම දරුණු අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 69 හැවිරිදි පුද්ගලයෙකු, 39 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 7ක් වයසැති කුඩා දැරියක්.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ තවත් කුඩා දැරියක් තුවාල ලබා ඇති අතර, ඇය වහාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top