දෙල්ගොඩදී සිදුවූ ඛේදනීය රිය අනතුරක්.. කුඩා දැරියක ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වෙයි..
Thursday, 20 August 2026 - 14:49 | Views - 30
මීගහවත්ත, නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අතිශය ඛේදනීය රිය අනතුරක් සිදුවී තිබෙනවා.
ඊයේ (19) සිදුවූ මෙම දරුණු අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුණා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 69 හැවිරිදි පුද්ගලයෙකු, 39 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 7ක් වයසැති කුඩා දැරියක්.
අනතුරින් මෝටර් රථයේ ගමන් කළ තවත් කුඩා දැරියක් තුවාල ලබා ඇති අතර, ඇය වහාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article