සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව නීතිය තද වෙයි.. කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි.
Thursday, 20 August 2026 - 14:15 | Views - 39
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "කොස්ගොඩ සුජී" නැමැත්තාගේ ආසන්නතම ඥාතීන්ට අයත්ව තිබූ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 5ක් අත්හිටුවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබෙනවා.
මෙලෙස අත්හිටුවා ඇත්තේ අක්කර 12කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කොටස් 5ක් බව වාර්තා වුණා. නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් සහ සංවිධානාත්මක අපරාධ මගින් රැස්කරගත් දේපළ සම්බන්ධයෙන් සිදුකරනු ලබන විශේෂ විමර්ශනවලට අදාළව මෙම පියවර ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී වත්කම් තහනම් කිරීමේ සහ රාජසන්තක කිරීමේ මෙහෙයුම් ඉදිරියටත් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article