කොළඹ ඓතිහාසික ගොඩනැගිලිවලට අලුත් පණක්.. ලෝක බැංකු ආධාරයෙන් කොටුව සංචාරක කලාපයක් කරන හැටි මෙන්න.
Thursday, 20 August 2026 - 13:12 | Views - 34
කොළඹ - කොටුව ප්‍රදේශයේ පවතින ඓතිහාසික උරුමයන් සහ පැරණි ගොඩනැගිලිවල සුන්දරත්වය සුරක්ෂිත කරමින්, එය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය විශේෂ සැලසුමක් දියත් කර තිබෙනවා.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ කොළඹ මහනගර සභාව (CMC) ඒකාබද්ධව දායකත්වය ලබාදීමට නියමිතයි.

මෙම අතිනූතන සංවර්ධන සැලැස්ම ඔස්සේ කොළඹ වරාය නගරය (Port City) සහ කොළඹ වරායට පැමිණෙන ජාත්‍යන්තර සංචාරක නෞකා (Passenger Cruise Ships) සමඟ සමීප සබඳතාවක් ගොඩනඟමින්, මෙරට සංචාරක ව්‍යාපාරයට මෙන්ම ජාතික ආර්ථිකයට ද ඉහළ දායකත්වයක් ලබාගැනීම රජයේ මූලික අපේක්ෂාව වී තිබෙනවා.

එමෙන්ම, සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කොළඹ ප්‍රදේශයේ පවතින ඇළ මාර්ග පද්ධතිය විධිමත්ව සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top