අවාරයේ ශ්‍රී පාදයේ ගිය පිරිසට සිදුවූ නොසිතූ විපත.. මෝටර් රථය මෝහිණි ඇළට පෙරළෙයි..
Thursday, 20 August 2026 - 11:57 | Views - 25
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සඳහා පැමිණි පිරිසක් ගමන් කළ මෝටර් රථයක් නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේදී ලිස්සා ගොස් මෝහිණි ඇළට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇති බව නල්ලතන්නිය පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.

වව්නියාව සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11:00ට පමණ නල්ලතන්නිය පොලීසිය වෙත පැමිණ ශ්‍රී පාද කරුණාව සඳහා යෑමට අවසර ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ සංචාරය කිරීම අතිශය අවදානම් බැවින් අද (20) උදෑසන ඒ සඳහා පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් ඔවුන්ට උපදෙස් දී ඇති බව වාර්තා වුණා.

පොලීසියේ උපදෙස් පිළිගෙන නවාතැන්පොළක් සොයාගැනීම සඳහා ආපසු මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී 12:00ට පමණ මෝහිණි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා යාමෙන් මෝටර් රථය මෙලෙස ඇළට පෙරළී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර, වාසනාවකට මෙන් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

කෙසේ වෙතත්, අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top