හාලිඇල ග්ලේන්ඇල්පින් වත්තේ ලැව්ගින්නක්.. කැළෑ ප්‍රදේශය ගිනි ජාලාවක් වෙයි..
Thursday, 20 August 2026 - 9:47 | Views - 46
බදුල්ල හාලිඇල, ග්ලේන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැළෑ ප්‍රදේශයක අද (19) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මේ වන විටත් පාලනය කරගත නොහැකිව ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න ව්‍යාප්ත වීම වේගවත් වී ඇති බව ද වාර්තා වනවා.
යම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් සිදුකළ අදූරදර්ශී ගිනි තැබීමක් හේතුවෙන් මෙම ලැව්ගින්න හටගන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරන අතර, ගින්න නිවා දැමීම සහ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අදාළ අංශ සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටිනවා.
Share This Article