ගල්කිස්ස වෙඩි තැබීමට අදාළව දැවැන්ත විමර්ශනයක්.. වෙඩික්කරු සහ ආධාර දුන් අය අසුවූ හැටි..
Thursday, 20 August 2026 - 9:15 | Views - 59
ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 15 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව පෙරේදා (18) සවස වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වුණා.

අනතුරුව එදිනම රාත්‍රී කාලයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ජීව පතුරොම් 12ක් සහ හිස් පතුරොම් කොපු 6ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28, 32 සහ 35 යන වයස්වල පසුවන කොළඹ 12, කොළඹ 14 සහ දළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය කුරුණ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තැනැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top