කලාවැවට ජලය දෙන බෝවතැන්න ජලාශයේ හදිසි නඩත්තුවක්.. ලබන 24 වැනිදා සිට ජලය ඉවත් කෙරේ..
Thursday, 20 August 2026 - 8:49 | Views - 31
කලාවැව වැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධානතම ජල මූලාශ්‍රය වන බෝවතැන්න ජලාශයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 24 වනදා සිට එම ජලාශයේ ජලය ඉවත් කිරීමට පියවර ගන්නා බව ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් ප්‍රකාශ කර සිටිනවා.

දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය උපයෝගී කරගනිමින් ජලාශයේ වසර ගණනාවක් පුරා තැන්පත් වී ඇති රොන්මඩ ඉවත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා මෙලෙස ජලය ඉවත් කරන බව වාර්තා වුණා.

පවතින වියළි කාලගුණයත් සමඟ මේ වන විටත් ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර මිලියන එකොළහ දක්වා පහත වැටී තිබෙනවා.

මෙම නඩත්තු කටයුතු සඳහා සති තුනක කාලයක් ගතවන අතර, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ලබන මස 14 වනදා සිට ජලාශය නැවත ජලයෙන් පුරවාලීමට කටයුතු කරන බව ජලාශය භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් තහවුරු කළා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top