අදත් ප්‍රදේශ රැසකට දැඩි උණුසුමක්.. මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමට..
Thursday, 20 August 2026 - 8:34 | Views - 38
නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (20) දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණය මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් පදනම් කරගෙන මෙම උණුසුම් දර්ශකය ගණනය කර ඇති අතර, මෙය පරිසරයේ පවතින උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොව මිනිස් සිරුරට සැබැවින්ම දැනෙන උණුසුම් තත්ත්වය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම පවතින දැඩි උණුසුම් තත්ත්වය හමුවේ විජලනය සහ අධික මහන්සිය වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ මගින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එළිමහනේ සේවය කරන පිරිස් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට, හැකි තරම් සෙවන ඇති ස්ථානවල විවේක ගැනීමට සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීමට වගබලා ගැනීම ඉතාම වැදගත්.

එමෙන්ම වැඩිහිටියන්, කුඩා ළමුන් සහ සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින් පිළිබඳව මේ දිනවල වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, දිවා කාලයේදී එළිමහනේ අධික ලෙස වෙහෙස වන ව්‍යායාම හෝ බරපතල කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top