විභාග ශාලාවේදී අසනීප වූ උසස් පෙළ සිසුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම.. යාපනය කන්දර්මඩම් ප්‍රදේශයෙන් ඇසුණු සංවේදී පුවත..
Wednesday, 19 August 2026 - 20:12 | Views - 60
අනාගතය වෙනුවෙන් බොහෝ සිහින දකිමින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ජීව විද්‍යා (Biology) අංශයෙන් පෙනී සිටි 19 හැවිරිදි සිසුවෙකු නොසිතූ මොහොතක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, කන්දර්මඩම්, අරසඩි පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.
පසුගිය අගෝස්තු 10 වන දින විභාග ශාලාව තුළ සිට සිය අනාගත සිහිනය වෙනුවෙන් පිළිතුරු ලියමින් සිටියදී මොහු හදිසියේම අසනීප වී තිබෙනවා.
එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත නිවසට පැමිණ සිට ඇති අතර, පසුගිය අගෝස්තු 16 වන දින රාත්‍රියේදී ඔහු නැවතත් බරපතල ලෙස අසනීප වී ඇති අතර පසුව වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් එම සිසුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව වාර්තා වුණා.
මෙම හදිසි සහ සංවේගජනක මරණය සම්බන්ධයෙන් යාපනය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article