විභාග ශාලාවේදී අසනීප වූ උසස් පෙළ සිසුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම.. යාපනය කන්දර්මඩම් ප්‍රදේශයෙන් ඇසුණු සංවේදී පුවත..
Wednesday, 19 August 2026 - 20:12 | Views - 61
අනාගතය වෙනුවෙන් බොහෝ සිහින දකිමින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ජීව විද්‍යා (Biology) අංශයෙන් පෙනී සිටි 19 හැවිරිදි සිසුවෙකු නොසිතූ මොහොතක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, කන්දර්මඩම්, අරසඩි පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

පසුගිය අගෝස්තු 10 වන දින විභාග ශාලාව තුළ සිට සිය අනාගත සිහිනය වෙනුවෙන් පිළිතුරු ලියමින් සිටියදී මොහු හදිසියේම අසනීප වී තිබෙනවා.

එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත නිවසට පැමිණ සිට ඇති අතර, පසුගිය අගෝස්තු 16 වන දින රාත්‍රියේදී ඔහු නැවතත් බරපතල ලෙස අසනීප වී ඇති අතර පසුව වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් එම සිසුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව වාර්තා වුණා.

මෙම හදිසි සහ සංවේගජනක මරණය සම්බන්ධයෙන් යාපනය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top