ඩිජිටල් ශ්‍රී ලංකා ගමනේ දැවැන්ත පියවරක්.. රථවාහන දඩ මුදල් ගෙවීම ගෙවන්න ඩිජිටල් පද්ධතියක් ලෑස්තියි..
එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් (Traffic Fines) ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙම අතිනූතන පද්ධතිය සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් පූර්ණ වශයෙන් සූදානම් කර ඇති බව වාර්තා වුණා.
එමගින් මහජනතාවට කාලය ඉතිරි කර ගනිමින් වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව දඩ මුදල් ගෙවීමේ හැකියාව හිමිවෙනවා.
එමෙන්ම, රජය විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහන (National Digitalization Drive) යටතේ මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) 2026 වසර අවසාන වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් තහවුරු කරනවා.