පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට සුපිරි ජයක්.. දෙවන තරගය තීරණාත්මක සටනක් බවට..
Wednesday, 19 August 2026 - 17:29 | Views - 40
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඉන්දියාවට හැකිව තිබෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 462ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 284ක් පමණයි.

අනතුරුව ලකුණු 178ක ඉනිමක වාසියක් ද සහිතව සිය දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව ලකුණු 193ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දෙවන ඉනිමේදී ලකුණු 206කට සීමා වීමත් සමඟ තරගයේ පූර්ණ ජයග්‍රහණය ඉන්දියාව සතු වුණා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් සොනාල් දිනූෂ ලකුණු 84ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 59ක් ලබා ගනිමින් සටන්කාමී පිතිහරඹයක නිරත වූ අතර, දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉන්දියාවේ මනව් සුතාර් ලකුණු 55කට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත් වුණා.

දෙවන සහ තීරණාත්මක ටෙස්ට් තරගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top