අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට.. ආනයනකරුවන්ගේ සංගමයෙන් හදිසි රතු එළියක්..
Wednesday, 19 August 2026 - 17:04 | Views - 51
ලෝකයට බලපෑම් එල්ල කර ඇති එල්නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉදිරියේදී සියයට 20 ත් 25 ත් අතර අගයකින් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ගනේෂ් විනායගම්සුන්දරම් ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය දින කිහිපය තුළ පමණක් ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 40කින් ඉහළ ගොස් ඇති අතර, සසුදුසු පිළියම් නොයෙදුවහොත් ඉදිරියේදී තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ යන බව ඔහු සඳහන් කළා.

මේ අතර, පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක ජීවත් වන පවුල් 23,377කට අයත් පුද්ගලයින් 73,214 දෙනෙකු පානීය ජල හිඟතාවයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පෙන්වා දෙනවා.

අම්පාර, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් මෙලෙස පීඩාවට පත් පිරිස් වාර්තා වන අතර, ඉන් පවුල් 22,987ක පුද්ගලයින් 71,893 දෙනෙකු සඳහා මේ වන විටත් බවුසර් රථ මගින් පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර ඉහළ අගයක් ගනු ඇති බව එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් අනුරාධපුර හුරුළුවැව සහ පලුගස්වැව තෙල් හවඩියාව වැව සම්පූර්ණයෙන්ම සිඳී යමින් පවතින අතර, මොණරාගල වැල්ලවාය ප්‍රදේශයේ කුඩා ඇල මාර්ග සිඳී යාමෙන් මත්ස්‍යයින් විශාල වශයෙන් මියගොස් තිබෙනවා.

පවතින මෙම බිහිසුණු වියළි කාලගුණය නිසා අනුරාධපුර තිරප්පනේ, පණ්ඩිත රඹෑව ගම්මානයේ පාරම්පරික කුඹල් කර්මාන්තකරුවන් ඇතුළු ජනතාවගේ දෛනික ජීවනෝපාය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව වාර්තා වුණා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top