මහනුවර ඇසළ පෙරහරට සමගාමීව සුරාසැල් රැසක් දින 10කට වැසෙයි.. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නියෝගයක්..
Wednesday, 19 August 2026 - 16:17 | Views - 68
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව මහනුවර ප්‍රදේශයේ පිහිටි සුරාසැල් කිහිපයක් ඊයේ (18) සිට බලපැවැත්වෙන පරිදි වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (18) සිට ලබන 28 වනදා දක්වා දින 10ක කාලයක් අදාළ මත්පැන් හල් සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.

මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශ තුළ පිහිටි සියලුම මත්පැන් බලපත්‍ර ලත් ස්ථාන මෙලෙස වසා තැබීමට නියෝග කර තිබෙනවා.

මීට අමතරව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නත්තරන්පොත ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හල දක්වා පිහිටි සියලුම මත්පැන් හල් ද මෙම කාලසීමාව තුළ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top