මහනුවර ඇසළ පෙරහරට සමගාමීව සුරාසැල් රැසක් දින 10කට වැසෙයි.. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නියෝගයක්..
Wednesday, 19 August 2026 - 16:17 | Views - 69
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව මහනුවර ප්‍රදේශයේ පිහිටි සුරාසැල් කිහිපයක් ඊයේ (18) සිට බලපැවැත්වෙන පරිදි වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (18) සිට ලබන 28 වනදා දක්වා දින 10ක කාලයක් අදාළ මත්පැන් හල් සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.
මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශ තුළ පිහිටි සියලුම මත්පැන් බලපත්‍ර ලත් ස්ථාන මෙලෙස වසා තැබීමට නියෝග කර තිබෙනවා.
මීට අමතරව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නත්තරන්පොත ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හල දක්වා පිහිටි සියලුම මත්පැන් හල් ද මෙම කාලසීමාව තුළ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
Share This Article