අගෝස්තු මාසයේ සංචාරක පැමිණීමේ දැවැන්ත පිම්මක්.. දින 16ට 113,000කට වැඩි පිරිසක් දිවයිනට..
අගෝස්තු මාසයේ මුල් දින 16 තුළ පමණක් සංචාරකයින් 113,307 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවල දැක්වෙනවා.
අදාළ දත්තවලට අනුව, අගෝස්තු මුල් දින 16 තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 25,355ක් ලෙස සටහන් වුණා.
එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 22ක ප්‍රතිශතයක් ලෙස සටහන් වුණා. ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,738ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 8,106ක් අදාළ කාලසීමාව තුළ දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව, 2026 ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 16 වැනිදා තෙක් කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,456,725ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.