ප්‍රවීණ ගේය පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වෙයි.. ශ්‍රී දේහය අද දහවල් වැල්ලවත්ත සුධර්මාරාමයට..
Wednesday, 19 August 2026 - 14:24 | Views - 100
බොදු ගී ඇතුළු අර්ථාන්විත සුගම ගීත රැසකින් ශ්‍රී ලාංකේය ගීත කලාකෙත පෝෂණය කළ ප්‍රවීණ ගේය පද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ වෙසෙන වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය වෙත ගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර සිටියා.

දීර්ඝ කාලයක් පුරා පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (18) අපවත් වන විට 76 වන වියෙහි පසුවුණා.

1950 වසරේ මැයි 22 වැනිදා දෙනියාය, රඹුකන ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේ, මොරවක, වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා.

ගුණදාස කපුගේ ශූරීන් ගැයූ පිහිටක් නැති - සරණක් නැති, සද්ධර්ම මකරන්ද ගීතය මෙන්ම වික්ටර් රත්නායකයන් ගැයූ බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, කාසිවලට ගන්නත් බැහැ ගීතය ද උන්වහන්සේගේ පන්හිඳෙන් ලියවුණා.

විශාරද මාලිනි බුලත්සිංහල ගායනා කළ හිමි සණරාමර, පිපෙනා මලකට, සෙනෙහස පුදා මෙන්ම බුදු බණ ඇසුවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ගයන ලා දළු බෝපත් මෙන්ම වෙහෙරක් වගේ ගීතය ද උන් වහන්සේ රචනා කළ ගීත අතර වනවා.

තම ගීත කලාව එක් පැතිකඩකට සීමා නොකළ සිද්ධාර්ථ හිමියන් පන්සලේ - පල්ලියේ, බණ කියන රටක්, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, මේ ඉර හඳ යට, සියක් ආයු ලැබ, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, අනුරාධපුරේ අනුරාව නැගූ මෙන්ම, සඳ තරු මල් මට දන් දුන් වැනි ගීත ද දායාද කළා.

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් වැඩිදුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top