පාලනය කරගත නොහැකි වූ වේගය සහ නොසැලකිල්ල.. ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් සිදුවූ බිහිසුණු හානිය මෙන්න.
Monday, 17 August 2026 - 15:54 | Views - 44
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගත වූ ඊයේ (16) දිනය තුළ වාර්තා වූ රිය අනතුරු තුනකින් කුඩා දරුවෙකු, යතුරුපැදිකරුවෙකු සහ පාපැදිකරුවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

පළමු අනතුර කල්පිටිය, කන්දකුලිය අතුරු කුඩාව ප්‍රදේශයේදී සිදු වී තිබෙනවා.

කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ 40 හැවිරිදි පැදිකරු සහ එහි ගමන් කළ 06 හැවිරිදි කුඩා දරුවා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

දෙවන අනතුර වෙන්නප්පුව, ලුණුවිල හන්දිය අසලදී සිදුව ඇති අතර, මාර්ගය හරහා ගමන් කළ 55-60ත් අතර වයසේ පසුවන පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මාරවිල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියා. මියගිය අයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම තෙවන අනතුර මාදම්පේ නගරයේදී සිදුව ඇති අතර, වෑන් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ 62 හැවිරිදි මඩොල්කැලේ පදිංචි පාපැදිකරුවෙකු මාදම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අනතුර සිදුකර පලාගිය වෑන් රථ රියදුරු මේ වන විට මාදම්පේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සියලු අනතුරු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top