සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවධානයක් යොමු කරන්න. රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් උපදෙස්..
Monday, 17 August 2026 - 14:51 | Views - 108
මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව තිබීමත් සමඟ, ඒ ආශ්‍රිතව සිදුවන බරපතල හදිසි අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) සූදානමින් නිවේදනය කර සිටිනවා.

එබැවින් සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම ගොඩනැගිලි හෝ උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් මෙන්ම, සරුංගල් නූල් අධිබලැති විදුලි රැහැන්වල ගැටීම නිසා සිදුවන විදුලි සැර වැදීම් බහුලව වාර්තා වන බව පෙන්වා දෙනවා.

මෙලෙස විදුලි සැර වැදීමෙන් අත්, බාහු සහ පපු ප්‍රදේශවල පටක, රුධිර වාහිනී සහ ස්නායුවලට දැඩි ලෙස හානි සිදුවන අතර, ඇතැම් අවස්ථාවලදී ශල්‍යකර්ම මගින් එම ශරීර කොටස් ඉවත් කිරීමට පවා සිදුවන බව ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

එමෙන්ම විදුලි සන්නායකතාව සහිත නූල් අධිබලැති විදුලි රැහැන්වල ගැටීමෙන් ක්ෂණික ජීවිත හානි සිදුවීමේ දැඩි අවදානමක් පවතින බැවින්, විදුලි රැහැන් අසල දරුවන්ට සරුංගල් යැවීමට ඉඩ නොදෙන ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමස්ත සමාජයම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top