මිතුරන් සමඟ අවට සිරි නරඹමින් සිටියදී සිදුවූ ඛේදනීය අනතුර.. 12 හැවිරිදි දරුවාගේ අකල් මරණය ගැන හෙළිවූ තොරතුරු මෙන්න.
මරදාන පොලිස් වසමට අයත් කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් මතින් පහළට ඇද වැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (අගෝස්තු 16) පස්වරුවේ සිදුවූ මෙම ඛේදනීය අනතුර සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරකට අනුව මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිව සිටි 12 හැවිරිදි වියේ පසුවූ දරුවෙකි.
මහල් 14කින් සමන්විත අදාළ නිවාස සංකීර්ණයේ උඩුමහලේ පිහිටි නාන තටාකය (Rooftop Swimming Pool) ආසන්නයේ සිට තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර, එම මහලේ පිහිටි විවෘත ස්ථානයකින් දරුවා පහළට ඇද වැටී ඇති බවට දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මරදාන පොලීසිය මගින් වැඩිදුරටත් සිදුකරනු ලබනවා.