Google පරිශීලකයින්ට වැදගත් නිවේදනයක්.. ඩෙස්ක්ටොප් ඇප් එකේ Photos Backup පහසුකම නතර වෙයි..
Monday, 17 August 2026 - 11:05 | Views - 150
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව Google Photos වෙත Backup කිරීමේ පහසුකම අද (10) දින සිට ක්‍රියාත්මක නොවන බව Google සමාගම පවසනවා.

Backup මෙවලම් භාවිතය වඩාත් සරල කිරීම සහ Photos ඇප් එක හරහාම සෘජුවම ඡායාරූප කළමනාකරණයට අවස්ථාව ලබාදීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

එහිදී,අද සිට Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා පරිගණකයේ ඇති Folders, Google Photos වෙත ස්වයංක්‍රීයව එක්වීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇති අතර, අද දිනයට පෙර Google Photos වෙත Backup කරන ලද කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඉවත් නොවන අතර ඒවා Google Photos තුළ සුරක්ෂිතව පවතිනු ඇති.

එමෙන්ම ගූගල් සමාගම පවසන්නේ, Google Drive හෝ Google Photos සේවාවන් වැසී නොයන අතර, Google Drive මගින් පරිගණකයේ සාමාන්‍ය ගොනු (Files) Sync කිරීම පෙර පරිදිම සිදු කළ හැකි බවයි.

වෙනස් වන්නේ Drive හරහා Photos වෙත තිබූ ස්වයංක්‍රීය සබඳතාව පමණයි.

එමෙන්ම, Google Drive ඇප් එක වෙනුවට සෘජුවම Google Photos වෙබ් අඩවිය හරහා ඡායාරූප Backup කිරීමට Google සමාගම විකල්ප දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, Google Photos වෙබ් අඩවියට පිවිස, එහි ඇති "+" ලකුණ (Plus icon) ක්ලික් කර "Back up folders" තෝරා ගැනීමෙන් පරිගණකයේ ඇති අවශ්‍ය Folders ඉදිරියටත් Backup කිරීමට තෝරාගත හැකියි.

එමෙන්ම, Google Drive හි දැනටමත් තැන්පත් කර ඇති ඡායාරූප සෘජුවම Google Photos වෙත Import කරගැනීමේ පහසුකමද භාවිත කළ හැකියි.

ජංගම දුරකථන (Phones) හරහා Google Photos ඇප් එක භාවිතයෙන් ඡායාරූප Backup කරන සාමාන්‍ය පරිශීලකයන්ට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් එම සමාගම පවසනවා.

මූලාශ්‍රය - THE TIMES OF INDIA
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top