Google පරිශීලකයින්ට වැදගත් නිවේදනයක්.. ඩෙස්ක්ටොප් ඇප් එකේ Photos Backup පහසුකම නතර වෙයි..
Monday, 17 August 2026 - 11:05 | Views - 34
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව Google Photos වෙත Backup කිරීමේ පහසුකම අද (10) දින සිට ක්‍රියාත්මක නොවන බව Google සමාගම පවසනවා.

Backup මෙවලම් භාවිතය වඩාත් සරල කිරීම සහ Photos ඇප් එක හරහාම සෘජුවම ඡායාරූප කළමනාකරණයට අවස්ථාව ලබාදීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

එහිදී,අද සිට Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා පරිගණකයේ ඇති Folders, Google Photos වෙත ස්වයංක්‍රීයව එක්වීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇති අතර, අද දිනයට පෙර Google Photos වෙත Backup කරන ලද කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඉවත් නොවන අතර ඒවා Google Photos තුළ සුරක්ෂිතව පවතිනු ඇති.

එමෙන්ම ගූගල් සමාගම පවසන්නේ, Google Drive හෝ Google Photos සේවාවන් වැසී නොයන අතර, Google Drive මගින් පරිගණකයේ සාමාන්‍ය ගොනු (Files) Sync කිරීම පෙර පරිදිම සිදු කළ හැකි බවයි.

වෙනස් වන්නේ Drive හරහා Photos වෙත තිබූ ස්වයංක්‍රීය සබඳතාව පමණයි.

එමෙන්ම, Google Drive ඇප් එක වෙනුවට සෘජුවම Google Photos වෙබ් අඩවිය හරහා ඡායාරූප Backup කිරීමට Google සමාගම විකල්ප දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, Google Photos වෙබ් අඩවියට පිවිස, එහි ඇති "+" ලකුණ (Plus icon) ක්ලික් කර "Back up folders" තෝරා ගැනීමෙන් පරිගණකයේ ඇති අවශ්‍ය Folders ඉදිරියටත් Backup කිරීමට තෝරාගත හැකියි.

එමෙන්ම, Google Drive හි දැනටමත් තැන්පත් කර ඇති ඡායාරූප සෘජුවම Google Photos වෙත Import කරගැනීමේ පහසුකමද භාවිත කළ හැකියි.

ජංගම දුරකථන (Phones) හරහා Google Photos ඇප් එක භාවිතයෙන් ඡායාරූප Backup කරන සාමාන්‍ය පරිශීලකයන්ට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් එම සමාගම පවසනවා.

මූලාශ්‍රය - THE TIMES OF INDIA
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top