ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයෙන් අතිදැවැන්ත වාර්තාවක්.. වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 14 පනී.
Monday, 17 August 2026 - 10:50 | Views - 65
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයේ සීමාව නිල වශයෙන් ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කර සිටිනවා.

එම අධිකරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව, අගෝස්තු මස 13 වනදා වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,436,926ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙලෙස පැමිණි සමස්ත සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 358,608කි. ඊට අමතරව එක්සත් රාජධානියෙන් (UK) සංචාරකයින් 140,892ක්, චීනයෙන් සංචාරකයින් 94,890ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 83,965ක් ලෙස මෙරටට පැමිණ ඇති බව අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙරට ආර්ථිකයට සහ විදේශ විනිමය උත්පාදනයට විශාල ශක්තියක් වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top