කළුතර ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක්.. බාහිර රෝගී අංශය සහ වාට්ටු රැසක් නවීකරණය කළ හැටි මෙන්න.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සේවා ධාරිතාව ශක්තිමත් කරමින්, රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 134කට අධික වියදමකින් නවීකරණය කරන ලද ඒකක පද්ධතියක් අද (16) නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා.
මෙම විශේෂ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ නිල ආයෝජනය යටතේ ක්‍රියාත්මක වූ මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා නාගොඩ ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ප්‍රධාන ඖෂධාලය, සායන, වාට්ටු වෙත පිවිසෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුව සහ සෞඛ්‍ය අධ්‍යාපන ගොඩනැගිල්ල ඇතුළු ප්‍රධාන ඒකක රැසක් සම්පූර්ණයෙන්ම නවීකරණය කර තිබෙනවා.
ඊට අමතරව වෛද්‍ය නේවාසිකාගාර, හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේක කාමර යාවත්කාලීන කර ඇති අතර, අලුතින් ඉදිකරන ලද සුළු සේවා පාලක කාර්යාලය විවෘත කිරීම මෙන්ම අලුත්වැඩියා කරන ලද ත්‍රීරෝද රථයක් රෝහල් පරිහරණය සඳහා භාරදීම ද මෙහිදී සිදු කෙරුණා.
රාජ්‍ය මුදල් නිසි කළමනාකරණයකින් යුතුව භාවිත කිරීම නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ මානව සම්පත බලගැන්වීමට හැකි වී ඇති බව මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
තවද අතරමග නතර වී ඇති සෞඛ්‍ය ව්‍යාපෘති ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට රුපියල් බිලියන 45ක් වෙන් කර ඇති අතර, දිවයින පුරා ප්‍රධාන රෝහල් වෙත අතිනවීන 'කැත් ලැබ්' (Cath Lab) 16ක් ඇතුළු නවීන වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු යොදමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මධුභාෂිනි කරුණාරත්න ඇතුළු විශාල වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියා.