යාපනය නාගදීප මුහුදේදී මගී බෝට්ටුවක් පෙරළෙයි.. වන්දනාකරුවන් 10 දෙනෙකු හදිසියේ රෝහලට..
Monday, 17 August 2026 - 10:23 | Views - 79
යාපනය, ඩෙල්ෆ් මුහුදු තීරයේදී මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (16) පස්වරු 5.30ට පමණ මෙම මගී බෝට්ටුව යාපනය නාගදීප දූපත ආසන්නයේදී අනතුරට ලක්වූ බවට වාර්තා වෙනවා.

අනතුරට ලක් වූ බෝට්ටුවේ ගමන් කළ මගීන් 10 දෙනා වහාම ක්‍රියාත්මක වී නාගදීප රෝහල වෙත ඇතුළත් කළ බවත්, වාසනාවකට මෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම පිරිස යාපනය මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ වන්දනා ගමනක් සඳහා එක්වූ පිරිසක් බවට තොරතුරු වාර්තා වුණා.

අදාළ පිරිස ඊයේ පස්වරු 3.30ට යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති අතර, පස්වරු 5.30 වන විට ඩෙල්ෆ් දූපත වෙත පැමිණීමට නියමිතව තිබුණා.

එම වේලාවට ඔවුන් ගමනාන්තයට නොපැමිණීම හේතුවෙන් නාවික හමුදාව සිදු කළ විමර්ශනවලදී මෙම අනතුර පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හමුවේ මුහුදු නොයන ලෙස ආරක්ෂක අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, එම නිවේදන නොතකා මෙම පිරිස මෙලෙස ගමන් කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top