පාස්කු බෝම්බ ප්‍රහාරයේ නඩුව දිනපතා විභාග කිරීමට පියවර.. සාක්ෂිකරුවන් කැඳවීමට විත්ති පාර්ශ්වය සූදානම්..
Monday, 17 August 2026 - 9:43 | Views - 92
පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට අදාළව විභාග වන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීමේ කටයුතු අද (17) සිට දිනපතා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම නඩුවේ චූදිතයින්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ විත්ති වාචිකය කැඳවීම පසුගිය අගෝස්තු 13 වනදා සිදු කළ අතර, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව චූදිතයින්ට හිමි සියලු අයිතිවාසිකම් සහ ප්‍රතිපාදන පිළිබඳව අධිකරණය විසින් ඔවුන්ට පැහැදිලි කර දෙනු ලැබුවා.
අධිකරණ නඩු වාර්තාවලට අනුව, නඩුවේ ඇතැම් චූදිතයින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කිරීමට තීරණය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවීමට නියමිත බව වාර්තා වුණා.
එමෙන්ම තවත් චූදිතයින් පිරිසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට සූදානම් වුවද, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව අද සිට දිනපතා පැවැත්වෙන මෙම සාක්ෂි විමසීම පාස්කු නඩු විභාගයේ අතිශය තීරණාත්මක ඉදිරි පියවරක් බවට පත්වේවි.
Share This Article