ඉන්දුනීසියාවට යළිත් ප්‍රබල භූකම්පනයක්.. ෆ්ලෝරස් කලාපය දෙදරා යයි..
Monday, 17 August 2026 - 9:34 | Views - 84
ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් (Flores) කලාපයේ රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුතු තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ජර්මන් භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිකුත් කළ වාර්තාවලට අනුව, අද (17) පෙරවරු 12:46ට පමණ මෙම භූකම්පනය වාර්තා වී තිබෙනවා. පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙහි කේන්ද්‍රය පිහිටා ඇති අතර, එහි භූගෝලීය පිහිටීම දකුණු අක්ෂාංශ 8.57 සහ නැගෙනහිර දේශාංශ 121.55 ලෙස මූලිකව හඳුනාගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු 15 වනදා ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.7ක අතිශය විනාශකාරී දැවැන්ත භූකම්පනයක් එල්ල වූ අතර, එම ඛේදාන්තයෙන් පුද්ගලයින් 47 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

එම ප්‍රබල කම්පනයෙන් පසුව කලාපය පුරා ප්‍රබල පසුකම්පන (Aftershocks) කිහිපයක්ම නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතින අතර, අද අලුයම සිදු වූ මෙම 5.9ක භූචලනය ද ඒ අතරින් එකක් බව භූවිද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය හමුවේ ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රදේශයේ ජනතාවට වැඩිදුර අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top