ලොව අවලස්සනම සුනඛයා ලෙස අවුරුදු 6ක 'ජිනී' කිරුළ පළඳියි.. හිමි වූ දැවැන්ත ත්‍යාග මුදල මෙන්න.
Monday, 17 August 2026 - 9:15 | Views - 59
ලොව අවලස්සනම සුනඛයා තේරීමේ 50 වැනි වාර්ෂික තරගය අමෙරිකාවේ කැලිෆෝනියා හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වී තිබෙනවා.

මෙවර තරගයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූයේ සිව්වන වරටත් මෙම තරගයට ඉදිරිපත් වූ 'ජිනී ලූ' (Gene Loo) නමැති අවුරුදු 6ක් වයසැති 'පග්' (Pug) වර්ගයේ සුනඛයායි.

අවසන් වටයේදී ප්‍රබල සුනඛයින් 08 දෙනෙකු පරදා ජයග්‍රහණය ලැබූ ජිනීට ඩොලර් 5,000ක මුදල් ත්‍යාගයක් සහ විශේෂ කුසලානයක් හිමි වූ අතර, ඉදිරියේදී Mug Root Beer ටින් මත ජිනීගේ රූපය මුද්‍රණය කිරීමට ද නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර, දකුණු කොරියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී සාම්ප්‍රදායිකව පැවැත්වෙන, සුනඛ මස් ආහාරයට ගන්නා 'බොක්නාල්' (Boknal) උත්සවය මෙවර පැවැත්වුණේ අවසන් වරට වීම විශේෂත්වයක්.

එරට සම්මත කරගත් නව සුනඛ මස් තහනම් නීතිය 2027 පෙබරවාරි මාසයේ සිට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වීම ඊට හේතුවයි.

2024 ජනවාරි මාසයේදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් මස් පිණිස සුනඛයන් බෝ කිරීම, ඝාතනය කිරීම සහ අලෙවි කිරීම තහනම් කරමින් පනතක් සම්මත කළ අතර, අදාළ නීති කඩකරන්නන්ට ඉදිරියේදී තදබල සිරදඬුවම් සහ දඩ මුදල් පැනවීමට නියමිතයි.

මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව එරට ජනතාවගෙන් 80%කට වැඩි පිරිසක් මෙම තහනම අනුමත කර ඇති බව ද විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top