අයගම ආරණ්‍ය සේනාසනය අසලින් ඇසුණු ශෝකජනක පුවත.. අඩි තුන්සියයක ගල් ප්‍රපාතයක තිබී සිරුර මුදාගැනීමට පොලිසිය සමත්වෙයි..
Sunday, 16 August 2026 - 21:01 | Views - 19
අයගම, ඉන්දොලවත්ත ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව පිහිටි ගල් තලාවකින් අඩි තුන්සියයක පමණ බිහිසුණු ප්‍රපාතයකට වැටී මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර අද (16) පස්වරුවේ ගොඩගත් බව අයගම පොලිසිය තහවුරු කර සිටිනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අයගම, දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා පසුගිය අගෝස්තු 09 වනදා ඥාති නිවසක් වෙත යන බව පවසා සිය නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අගෝස්තු 10 වනදා සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටි බව පොලිසිය සඳහන් කරනවා.

ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද මූලික සොයා බැලීම්වලදී, ඉන්දොලවත්ත ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයට ආසන්නයේ තිබී අදාළ පුද්ගලයාට අයත් පාවහන් යුගල සහ කුඩය සොයාගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

අනතුරුව පසුගිය අගෝස්තු 13 වනදා පොලිසිය මගින් ඩ්‍රෝන (Drone) කැමරා තාක්ෂණය යොදා ගනිමින් ප්‍රදේශය පුරා දියත් කරන ලද විශේෂ සෙවුම් මෙහෙයුමකදී, අඩි තුන්සියයක පමණ ගැඹුරු ප්‍රපාතයක තිබී ඔහුගේ මළ සිරුර සොයාගනු ලැබුවා.

ප්‍රපාතයේ තිබූ මළ සිරුර අද පස්වරුවේ ගොඩගැනීමට කටයුතු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top