සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වූ අයට සුබ ආරංචියක්.. අතුරු වෛද්‍ය පාඨමාලා 08කට සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි..
2026 වර්ෂයට අදාළව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා වන අංක 2501 දරණ විශේෂ ගැසට් නිවේදනය 2026 අගෝස්තු මස 07 වන දින නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
අනාගතයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්ථිර රාජ්‍ය රැකියාවක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන තරුණ තරුණියන්ට මේ හරහා වටිනා අවස්ථාවක් හිමිවනවා.
මෙම පාඨමාලාවන් සඳහා 2019 (නව හා පැරණි විෂය නිර්දේශ), 2020 (නව හා පැරණි විෂය නිර්දේශ), 2021, 2022 සහ 2023 යන වර්ෂයන්හි පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව යන විෂය ධාරාවලින් පෙනී සිට සාමාන්‍ය සාමාර්ථ (S) 03ක් ලබාගෙන සමත් වූ අයවලුන්ට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.
මෙම පුහුණු වැඩසටහන් යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, දන්ත කාර්මික ශිල්පී, අංගාදේශක හා සෘජුකරණඥ, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, ඛන්තු රේඛන ශිල්පී, ඖෂධ සංයෝජක සහ විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු යන තනතුරු 08 සඳහා සිසුන් බඳවා ගැනීමට නියමිතයි.
තෝරා ගනු ලබන ඒ ඒ තනතුරුවලට අදාළව මූලික සුදුසුකම් සපිරිය යුතු ආකාරය වෙනස් වන බැවින් අදාළ ගැසට් නිවේදනය පරිශීලනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
මෙම පාඨමාලාවන් සඳහා අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය ලෙස 2026 අගෝස්තු මස 31 වන දින ප්‍රකාශයට පත් කර ඇති අතර, සුදුසුකම් ලත් සියලුම අයැදුම්කරුවන්ට නියමිත දිනට පෙර සිය අයැදුම්පත් යොමු කරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.