නුවරඑළියේ යතුරුපැදි තරගයකදී සිදුවූ දැවැන්ත අනතුර.. තරගකරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහලට..
Sunday, 16 August 2026 - 19:06 | Views - 29
නුවරඑළිය, බ්ලැක්පූල් සහ මාගස්තොට අතර ප්‍රදේශයේ පැවැති 400cc කඳු නැගීමේ යතුරුපැදි ධාවන තරගයක් අතරතුර සිදුවූ බරපතළ අනතුරකින් තරගකරුවන් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
නුවරඑළිය මහ නගර සභාව සහ කොළඹ පෞද්ගලික සංගමයක් එක්ව සංවිධානය කර තිබූ මෙම තරගය නානුඔය, බ්ලැක්පූල් පාලම අසලින් ආරම්භ වී දැඩි කඳු බෑවුම් සහ වංගු සහිත තේ වතු මාර්ග ඔස්සේ මාගස්තොට දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා තිබූ බව වාර්තා වුණා.
තරගය පැවැති අවස්ථාවේ අදාළ ප්‍රදේශයට පැවැති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ධාවන පථය දැඩි ලෙස ලිස්සා යාම හේතුවෙන් යතුරුපැදි දෙකක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට ලක්වූ තරගකරුවන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
Share This Article