"කීර්ති නාමයට හානි කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න" ගැමුණු විජේරත්නගෙන් CIDයට විශේෂ ඉල්ලීමක්..
Sunday, 16 August 2026 - 18:50 | Views - 30
මෙට්‍රෝබස් (Metrobus) සේවාව සම්බන්ධයෙන් තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක් අල්ලාගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන්ගේ කීර්ති නාමයට බරපතළ ලෙස හානි වන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අතීතයේ සිටම මෙට්‍රෝබස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් අදහස් දැක්වූ බවත්, පසුගිය දිනවලදී ද ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) පාඩු ලබන ආකාරය සහ මෙම නව බස් රථ ගෙන ඒමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳව තමන් කරුණු පැහැදිලි කළ බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, යම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන්ට හානිකර වන අන්දමින් සහ අපහාසාත්මක ලෙස විවිධ නාමයන්ගෙන් අමතමින් සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක මඩ ප්‍රචාරයක් දියත් කර ඇති බවත්, එමගින් තමන්ගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වූ බවත් පවසමින් ඒ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය පතා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top