"කීර්ති නාමයට හානි කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න" ගැමුණු විජේරත්නගෙන් CIDයට විශේෂ ඉල්ලීමක්..
Sunday, 16 August 2026 - 18:50 | Views - 31
මෙට්‍රෝබස් (Metrobus) සේවාව සම්බන්ධයෙන් තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක් අල්ලාගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන්ගේ කීර්ති නාමයට බරපතළ ලෙස හානි වන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අතීතයේ සිටම මෙට්‍රෝබස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් අදහස් දැක්වූ බවත්, පසුගිය දිනවලදී ද ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) පාඩු ලබන ආකාරය සහ මෙම නව බස් රථ ගෙන ඒමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳව තමන් කරුණු පැහැදිලි කළ බවත් ඔහු සඳහන් කරනවා.
කෙසේ වෙතත්, යම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන්ට හානිකර වන අන්දමින් සහ අපහාසාත්මක ලෙස විවිධ නාමයන්ගෙන් අමතමින් සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක මඩ ප්‍රචාරයක් දියත් කර ඇති බවත්, එමගින් තමන්ගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වූ බවත් පවසමින් ඒ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය පතා තිබෙනවා.
Share This Article