ජපානයෙන් හදිසි ජාත්‍යන්තර ධීවර සමුළුවක්.. පැසිෆික් ටූනා මත්ස්‍ය කෝටා අර්බුදයට අගෝස්තු 18 විසඳුමක් ලැබේවිද?
Sunday, 16 August 2026 - 18:34 | Views - 31
පැසිෆික් ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය කිරීම පිළිබඳ තීරණාත්මක ජාත්‍යන්තර සමුළුව එළඹෙන අගෝස්තු 18 වනදා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට නියමිත බව ජපාන ධීවර නියෝජිතායතනය නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.

මීට පෙර පැවැති සමුළුවේදී නව ධීවර කෝටා පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට සාකච්ඡාකරුවන් අපොහොසත් වීම හේතුවෙනුයි මෙම හදිසි සාකච්ඡා වටය නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ පැවැති මුල් සමුළුවේදී මෙම ධීවර කෝටා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබුණද, මෙක්සිකෝවේ දැඩි විරෝධතාව හේතුවෙන් විශාල මසුන් සඳහා වන කෝටාවන් ඉහළ නැංවීම ඇතුළත් සම්බන්ධීකරණ යෝජනාව එකඟතාවකින් තොරව බිඳවැටී තිබුණා.

පැසිෆික් සාගර කලාපයේ ටූනා මත්ස්‍ය ගහනය ආරක්ෂා කරගනිමින් ධීවර කර්මාන්තයේ නිරත රටවල් අතර සාධාරණ කෝටා බෙදීයාමක් ඇතිකිරීම සඳහා අනිද්දා පැවැත්වෙන මෙම සමුළුව අතිශය තීරණාත්මක වනු ඇතැයි විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top