පාසල් දරුවන්ගේ පෙළපොත් 20,000කට වුණු දේ මෙන්න. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හදිසි පැමිණිල්ලක්..
Friday, 14 August 2026 - 16:30 | Views - 38
පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සිසු ක්‍රියාකාරකම් පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද නිල පැමිණිල්ලකට අනුව පොලිසිය මෙලෙස විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

අදාළ පැමිණිල්ලට අනුව, රුපියල් ලක්ෂ අටක් පමණ වටිනාකමකින් යුත් මෙම පෙළපොත් 19,892ක විශාල තොගය නියමිත පරිදි අදාළ බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත භාර දී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ප්‍රවාහනය සඳහා ගිවිසුම්ගතව ඇති ආයතනය වෙත මෙම පොත් තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමට පසුගිය මැයි 04 වැනිදා අවසර ලබා දී තිබුණද, පොත් තොගය අදාළ ස්ථාන වෙත ලැබී නොමැති බව සඳහන් වෙනවා.

මෙම සිදුවීමට වගකිව යුතු සැකකරුවන් සහ අතුරුදහන් වූ පොත් තොගය සොයා තලංගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top