ත්‍රිරෝද රථයෙන් ඇවිත් වත්තේගම පාරේ දමාගිය 4 හැවිරිදි දැරිය.. අත්අඩංගුවට ගත් සැකකාර යුවළ ගැන හෙළිවූ අමුතුම රහස..
සිව් හැවිරිදි කුඩා දැරියක ත්‍රිරෝද රථයකින් රැගෙන ඇවිත් වත්තේගම, යටිරාවණ මුදුනේ ගම්මැද්ද පාරේ අමානුෂික ලෙස දමාගොස් තිබූ සැකකරු සහ සැකකාරිය හාලිඇල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (13) උදෑසන සිදුවූ මෙම සංවේදී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය විසින් අද (14) උදෑසන කාලයේදී මෙලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අත්අඩංගුවට ගත් සැකකාරිය එම අසරණ කුඩා දැරියගේ සැබෑ මව බවට හඳුනාගෙන ඇති අතර, ඇය සමග සිටි සැකකරු ඇගේ අනියම් පුරුෂයා බවට තහවුරු වී තිබෙනවා.
තමන්ගේම ලෙයින් උපන් කුඩා සිඟිත්තිය මෙලෙස මහපාරේ දමාගොස් තිබීම මුළු මහත් සමාජයේම දැඩි පිළිකුලට හා කම්පනයට හේතු වී තිබෙනවා.
හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකාර යුවළ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන සඳහා සිද්ධිය වූ ප්‍රදේශයට අයත් වත්තේගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.