ත්‍රිරෝද රථයෙන් ඇවිත් වත්තේගම පාරේ දමාගිය 4 හැවිරිදි දැරිය.. අත්අඩංගුවට ගත් සැකකාර යුවළ ගැන හෙළිවූ අමුතුම රහස..
Friday, 14 August 2026 - 15:15 | Views - 51
සිව් හැවිරිදි කුඩා දැරියක ත්‍රිරෝද රථයකින් රැගෙන ඇවිත් වත්තේගම, යටිරාවණ මුදුනේ ගම්මැද්ද පාරේ අමානුෂික ලෙස දමාගොස් තිබූ සැකකරු සහ සැකකාරිය හාලිඇල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) උදෑසන සිදුවූ මෙම සංවේදී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය විසින් අද (14) උදෑසන කාලයේදී මෙලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අත්අඩංගුවට ගත් සැකකාරිය එම අසරණ කුඩා දැරියගේ සැබෑ මව බවට හඳුනාගෙන ඇති අතර, ඇය සමග සිටි සැකකරු ඇගේ අනියම් පුරුෂයා බවට තහවුරු වී තිබෙනවා.

තමන්ගේම ලෙයින් උපන් කුඩා සිඟිත්තිය මෙලෙස මහපාරේ දමාගොස් තිබීම මුළු මහත් සමාජයේම දැඩි පිළිකුලට හා කම්පනයට හේතු වී තිබෙනවා.

හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකාර යුවළ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන සඳහා සිද්ධිය වූ ප්‍රදේශයට අයත් වත්තේගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top