ඊයේ වැඩිම උෂ්ණත්වය මොණරාගලින් වාර්තා වෙයි.. උණුසුම සෙල්සියස් අංශක 37.2 සීමාවට..
Friday, 14 August 2026 - 12:43 | Views - 35
දිවයිනේ දිස්ත්‍රික්ක 07ක උණුසුම් කාලගුණ තත්ත්වය අද (14) දිනයේදීත් තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස විශේෂ උණුසුම් කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මේ අතර ඊයේ (13) දිනය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 37.2ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම අධික උණුසුම් තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top