සතුටින් කෙළවර විය යුතු දිනය ශෝකයෙන් බර වෙයි.. අක්කාගේ මඟුල් ගෙදර ගොස් එද්දී මල්ලී සහ ආච්චි අනතුරින් මරුට..
Friday, 14 August 2026 - 12:18 | Views - 36
වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් මඟලෙගොඩ - නයිවල මාර්ගයේදී ඊයේ පස්වරු 5.00ට පමණ අවාසනාවන්ත රිය අනතුරක් සිදුව තිබෙනවා.

මංගල උත්සවයකට සහභාගී වී ආපසු නිවස බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් මාර්ගය අසල වූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එමගින් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ ඔහුගේ මිත්තණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි නවෝද් චතුරංග නමැති තරුණයා සහ ඔහුගේ 80 හැවිරිදි මිත්තණිය වන W.A. වික්‍රමාරච්චි නමැති කාන්තාවයි.

තමන්ගේ වැඩිමහල් සොහොයුරියගේ විවාහ උත්සවය නිමවී නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම ඛේදනීය අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ මනාලියගේ මල්ලී (මියගිය තරුණයා), මිත්තණිය, මව සහ පියා ඇතුළු පවුලේ සාමාජිකයින් 9 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා වහාම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ මිත්තණිය මියගොස් ඇති බවත්, තුවාල ලැබූ සෙසු 7 දෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය ප්‍රකාශ කළා.

වේයන්ගොඩ පොලිසිය මගින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ ගමන සහ වෙහෙස නිසා රියදුරු ලෙස කටයුතු කළ තරුණයාට නින්ද යාම මෙම බිහිසුණු අනතුරට ප්‍රධානතම හේතුව වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top