ජාවාරම්වලින් කෝටි ගණන් හම්බකළ 'පොඩ්ඩි' දැලේ.. ග්‍රෑන්ඩ්පාස් සහ ජාඇල තිබූ කෝටි ගණනක දේපළවලට වුණු දේ මෙන්න.
Friday, 14 August 2026 - 12:03 | Views - 34
මෙරට සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම හරහා අතිවිශාල මුදල් කන්දරාවක් උපයාගනිමින්, එමගින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියක වන 'පොඩ්ඩි' නමැති 53 හැවිරිදි කාන්තාව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව, මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන කළු සල්ලි යොදවමින් නීතිවිරෝධී ලෙස දේපළ හා වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පොලිස් අවධානයට ලක්ව සිටි තැනැත්තියක්.

ඇගේ මෙම නීතිවිරෝධී වත්කම් රැස්කිරීමේ ජාලය පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට මුලින්ම තොරතුරු සහ පැමිණිලි ලැබී තිබුණේ 2021 වසරේදී වන අතර, එතැන් සිට පුරා වසර කිහිපයක් තිස්සේ ඇගේ බැංකු ගිණුම්, දේපළ මිලදී ගැනීම් සහ මුදල් සංසරණය වන ආකාරය පිළිබඳව රහසිගතව හඹාගිය පොලිස් විමර්ශකයින්, ඇය සතු සමස්ත දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් නීතිවිරෝධී මුදල් මගින් ලබාගෙන ඇති බව අවශ්‍ය සියලු සාක්ෂි ගොනු කිරීමට සමත් වුණා.

විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගත් මෙම කරුණු කොළඹ මහාධිකරණය හමුවේ දීර්ඝ ලෙස වාර්තා කිරීමෙන් අනතුරුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇයට අයත් සියලුම නීතිවිරෝධී වත්කම් සහ දේපළ තහනම් කිරීමට මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

මෙසේ තහනමට ලක්වූ දේපළ අතරට ජාඇල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 14ක් වටිනා ඉඩමක්, ප්‍රධාන බැංකු 06ක පවත්වාගෙන ගිය ගිණුම්වල තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 59ක මුදලක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 03ක් පමණ වටිනා කඩ කාමර 03ක් මෙන්ම එම ප්‍රදේශයේම පිහිටි රුපියල් කෝටි 02ක් පමණ වටිනා තෙමහල් නිවස සහිත ඉඩම ද ඇතුළත් වෙනවා.

මෙම සිදුවීමත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන නීතිවිරෝධී වත්කම් රාජසන්තක කිරීමේ පොලිස් මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top